• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික රක්ෂණ භාර අරමුදල විසින් අරමුදල් සපයනු ලබන කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයන් ආවරණය කිරීම සඳහා ප්‍රතිරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
- ජාතික රක්ෂණ භාර අරමුදල විසින් අරමුදල් සපයනු ලබන විවිධ කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයන් යටතේ ලබා දෙනු ලබන ප්‍රතිලාභ පසුගිය කාලසීමාව තුළ ඉහළ නංවා තිබීම සහ විවිධ ස්වාභාවික ආපදා හේතුවෙන් සිදු විය හැකි වගා හානි ඉහළ යාම සැලකිල්ලට ගෙන, එම රක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිරක්ෂණ ආවරණයක් ලබාගැනීමට තීරණය කරනු ලැබ තිබේ.

ඒ සඳහා ආයතනයක් තෝරාගැනීම පිණිස ලංසු කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2018‑01‑01 සිට 2018‑12‑31 දින දක්වා (එකී දින දෙක ද ඇතුළුව) වන කාලසීමාව වෙනුවෙන් රුපියල් මිලියන 257.8ක මුදලකට එම ප්‍රතිරක්ෂණ පහසුකම ලබාගැනීම සඳහා සිංගප්පූරුවේ Swiss Re Asia PTE Ltd. සහ J.B. Boda & Co(S) PTE Ltd. සමාගම් සමඟ ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.