• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිනිති තාක්ෂණ හා විද්‍යා උද්‍යානය (Nanotechnology & Science Park) පුළුල් කිරීමේ කටයුතු
- පෞද්ගලික අංශයේ ද සහභාගිත්වය ඇතිව රට තුළ පර්යේෂණ පදනම් කරගත් පරිසරයක් ඇති කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා නිනිති තාක්ෂණ ආයතනය (SLINTEC) ආරම්භ කරනු ලැබ තිබේ. දැනට පෞද්ගලික සමාගම් හයක් මෙම ආයතනයේ පර්යේෂණ වැඩසටහන් සඳහා හවුල් වී සිටින අතර, තවත් සමාගම් ගණනාවක් එවැනි පර්යේෂණ වැඩසටහන් සඳහා කැමැත්ත පළ කර තිබේ. දේශීය නිෂ්පාදන සඳහා අමතර අගය එකතු කිරීම් සිදු කර, ජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි තරගකාරී නිෂ්පාදන බවට පත් කිරීමේ හැකියාව මෙම පර්යේෂණ කාර්යයන් මඟින් ලැබෙනු ඇත. එමෙන්ම පර්යේෂණ සඳහා සුදුසු යටිතල පහසුකම් සපයා දීම මඟින් විද්‍යා, ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි නිපුණ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ සේවය නැවත මෙරටට ආකර්ෂණය කරගැනීමට හැකිවනු ඇති අතර, ජාත්‍යන්තර සමාගම් විසින් මෙරට සිදු කරනු ලබන ආයෝජන ඉහළ නැංවීමට ද එය හේතු වනු ඇත.

ඒ අනුව, හෝමාගම, පිටිපන, මාහේන්වත්තේ පිහිටි නිනිති තාක්ෂණ හා විද්‍යා උද්‍යානයේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට යෝජනා වී ඇති අතර, එහි කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.