• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු පළාතේ කනිෂ්ඨ පොලිස් නිලධාරින් සඳහා නිල නිවාස පහසුකම් සැපයීම
- දකුණු පළාතේ ගාල්ල, මාතර, ඇල්පිටිය හා තංගල්ල යන ප්‍රදේශයන්හි පිහිටා ඇති පොලිස් කොට්ඨාසයන්හි සේවයේ නියුතු කනිෂ්ඨ පොලිස් නිලධාරින් හට ප්‍රමාණවත් පරිදි නිල නිවාස පහසුකම් සැපයීමේ අරමුණින්, ගාල්ල, වැකුණගොඩ 'නිල සෙවණ' නිවාස ව්‍යාපෘතියෙන් නිවාස 192ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත මිල දී ගැනීමට තීරණය කරනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 729.6ක අරමුදල් සලසා ගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.