• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සූර්ය බල සංග්‍රාමය' වැඩසටහන යටතේ කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සඳහා කොන්ත්‍රාත්තු පිරිනැමීම
- 'සූර්ය බල සංග්‍රාමය' වැඩසටහන යටතේ දිවයින පුරා සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති අතර, එම විදුලිය ජාතික විදුලි බල පද්ධතියට ගැනීම සඳහා සුදුසු ග්‍රිඩ් උපපොළවල් හඳුනා‍ ගනු ලැබ තිබේ. මෙම වැඩසටහනේ අදියර 02 යටතේ, ග්‍රිඩ් උපපොළ 20ක් සඳහා විදුලිය මිල දී ගැනීමේ පදනම මත, මෙගා වොට් එකක ධාරිතාව සහිත කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර 60 ක් ඉදි කිරීම සඳහා, පෞද්ගලික ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබ තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි තෝරාගනු ලැබූ ආයෝජකයින් වෙත අදාළ සූර්ය විදුලි බලාගාර ඉදි කිරීම සඳහා වන ටෙන්ඩර් ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.