• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෝමාගම, දියගම යෝජිත ක්‍රීඩා ඇකඩමියේ කෘත්‍රිම ධාවන පථය ඇතිරීම හා මලල ක්‍රීඩා පිටිය වැඩිදියුණු කිරීම
- අලුත්වැඩියා කිරීම් හා වැඩිදියුණු කිරීම්ද ඇතුළත්ව, හෝමාගම, දියගම යෝජිත ක්‍රීඩා ඇකඩමියේ ධාවන තීරු නවයකින් යුත් මීටර් 400 කෘත්‍රිම ධාවන පථය ඇතිරීම සහ පාපන්දු, හොකී හා රගර් ක්‍රීඩා කිරීමට මධ්‍යයෙහි තණ පිටියක්ද සහිතව, මලල ක්‍රීඩා සඳහා පිටිය පහසුකම් ඇති කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 310ක මුදලකට CML- MTD Construction Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.