• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියෙහි ඉතිරිව ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් තවත් පාලම් 44 ක් ඉදි කිරීම
- ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගමනාගමන දුෂ්කරතා මඟහරවා ගැනීමේ අරමුණින් වානේ පාලම් ඉදි කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබ ඇති ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2018 මාර්තු 08 වන දින අවසන් වීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ දෙවන හා තුන්වන අදියර යටතේ වෙන් කරනු ලැබ ඉතිරි වී ඇති අවිනිශ්චිත වියදම් උපයෝගි කරගනිමින්, අතිරේක ග්‍රාමීය පාලම් 35ක් සහ සෑම පළාතකටම එක බැගින් තාවකාලික පාලම් 09ක් සැලසුම් කර ඉදි කිරීමටත්, ඒ අනුව ව්‍යාපෘතියේ කාලසීමාව 2018 අගෝස්තු මස 31 දින දක්වා දීර්ඝ කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.