• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වම් ඉවුර හා දකුණ ඉවුර ඇළ මාර්ග සඳහා ජල පාලන හා මිණුම් පහසුකම් සැපයීම ඇතුළු‍ව, මිණිපේ අමුණ උස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
- මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදි කරනු ලබන වම් ඉවුර හා දකුණ ඉවුර ඇළ මාර්ග සඳහා ජල පාලන හා මිනුම් පහසුකම් සැපයීම ඇතුළු‍ව, මිණිපේ අමුණ උස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,576.9ක මුදලකට, China Gezhouba Group Company Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.