• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදි කිරීමට යෝජිත උමං ඇළ මාර්ගයන්හි ඉදි කිරීම් සඳහා උපදේශක සේවා ලබාගැනීම
- ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවන අදියර යටතේ 2018 වර්ෂයේදී, කළු ගඟ - මොරගහකන්ද හැරවුම් උමං ඇළ මාර්ගය සහ ඉහළ ඇළහැර ඇළෙහි 3 හා 4 උමං ඇළ මාර්ග ඉදි කිරීමට නියමිතය. එම ඉදි කිරීම් කටයුතුවලට අදාළ කොන්ත්‍රාත් කළමනාකරණය, ඉදි කිරීම් අධීක්ෂණය, ප්‍රාරම්භය සහ මෙහෙයුම් සඳහා උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව, දැනට මෙම වැඩසටහනෙහි උපදේශකවරුන් වන Lhameyer International Gmbh GeoConsult ZT GmbH ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.