• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය' සහ 'ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය' මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය හා පිළිගැනීම ඉහළ නැංවීම
- වඩා වැඩි ප්‍රායෝගික දැනුමක් ලබා දෙනු ලබන තාක්ෂණික හා වෘත්තීය උපාධි පාඨමාලා ක්‍රියාත්මක කිරීමේ අරමුණින් වෙන වෙනම පාර්ලිමේන්තු පනත් යටතේ 'ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය' සහ 'ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය' ස්ථාපිත කරනු ලැබ තිබේ. එම විශ්වවිද්‍යාල මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය හා පිළිගැනීම ඉහළ නැංවීමේ අරමුණින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා දැනට අනුගමනය කරනු ලබන ආයතනික සමාලෝචන හා විෂය/වැඩසටහන් සමාලෝචනය කිරීමේ ක්‍රමවේදය එකී විශ්වවිද්‍යාල දෙක සඳහා ද සුදුසු පරිදි අදාළ කරගැනීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා; මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.