• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරින් පුහුණු කිරීම සඳහා දකුණු කොරියාවේ ප්‍රතිපත්ති හා කළමනාකරණ පුහුණු ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම
- ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධාරින්ගේ හැකියාව වර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) වෙත පැවරී තිබේ. මෙම පුහුණු වැඩසටහන්වල ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා විදේශීය අධ්‍යාපන ආයතන සමඟ සිය සබඳතා පුළුල් කරගැනීමට එම ආයතනය කටයුතු කරමින් සිටියි.

ඒ අනුව, රාජ්‍ය ප්‍රතිපත්ති, පරිපාලන, මානව සම්පත් කළමනාකරණ යන ක්ෂේත්‍රයන්හි නිපුණතා සංවර්ධනය හා දැනුම හුවමාරුව සම්බන්ධයෙන් දකුණු කොරියාවේ පිළිගත් අධ්‍යාපන ආයතනයක් වන KDI School of Policy and Management සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය අතර අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.