• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා නීති විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරීම
- ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සිදු කළ යුතු අතිවිශාල රාජකාරිවලින් කොටසක් පැවරීමට විද්‍යාලයේ දෙවන පාලනාධිකාරියක් පැවතීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, නීති විද්‍යාලයට නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරීම සඳහා නීති විද්‍යාලයේ කාර්ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධ රීති සංශෝධනය කිරීමට නීති අධ්‍යාපන සභාව විසින් කටයුතු කරනු ලැබ තිබේ.

අධිකරණ ඇමතිවරයා විමසමින් නීති අධ්‍යාපන සභාව විසින් සකස් කරන ලද එම සංශෝධන රීති 2017-11-28 දිනැති අංක 2047/27 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ තිබේ. එම ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.