• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අමු රබර් සහ රසායනික විශ්ලේෂණ විද්‍යාගාරය ප්‍රතීතනය කිරීම
- අමු රබර් හා අගය එකතු කළ රබර් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට ඉදිරිපත් කිරීම මඟින් මෙරට සමස්ත අපනයන ආදායමෙන් 8%ක් පමණ උපයා ගනු ලැබේ. කලින් කලට හඳුන්වා දෙනු ලබන සම්මත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා උසස් තාක්ෂණයට අනුකූලව ශ්‍රී ලංකාවේ රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදු කෙරෙන බවට සහතික කිරීම සඳහා එම නිෂ්පාදන සඳහා භාවිත කරනු ලබන අමු රබර්වල තත්ත්වය සනාථ කිරීමේ වගකීම ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ 'අමු රබර් සහ රසායනික විශ්ලේෂණ විද්‍යාගාරය' වෙත පැවරී ඇත.

දැනට වසර 40කට පමණ පෙර ස්ථාපනය කරනු ලැබූ මෙම විද්‍යාගාරය කාලීන අවශ්‍යතාවන්ට හා ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්ට අනුකූල වන පරිදි නවීකරණය කළ යුතුව තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අමු රබර් සහ රසායනික විශ්ලේෂණ විද්‍යාගාරය ප්‍රතීතනය කරන ලද විද්‍යාගාරයක් වශයෙන් නවීකරණය කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.