• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය පුහුණුව, පරීක්ෂණ, තාක්ෂණික සහ කළමනාකරණ උපදේශක සේවා සැපයීමේ වගකීම ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය වෙත පැවරී තිබේ. මෙම ආයතනය සඳහා සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට මුලින් සැලසුම් කර තිබුණද එහි යෝජිත හා අනාගත ක්‍රියාකාරකම් පුළුල් කිරීම් සැලකිල්ලට ගනිමින් එය මහල් හයක් (06) දක්වා ඉහළ නැංවීමට පසුව තීරණය කරනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ ගොඩනැඟිල්ල, මහල් හයකින් යුක්තව ඉදි කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.