• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්විපාර්ශ්වික උපදේශක යන්ත්‍රණයක් පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා බෙල්ජියම අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- ශ්‍රී ලංකාව හා බෙල්ජියම අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා හා සහයෝගිතාව තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ අරමුණින්, දෙරට අතර උපදේශක යන්ත්‍රණයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා බෙල්ජියමේ රාජ්‍ය සේවා විදේශ කටයුතු, විදේශ වෙළඳාම හා සංවර්ධන සහයෝගිතාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.