• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය' පාර්ලිමේන්තු පනතක් මඟින් නීතිගත කිරීම
- ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටා ඇති බැවින් රටෙහි ආරක්ෂාවට සාම්ප්‍රදායික මෙන්ම සාම්ප්‍රදායික නොවන ආකාරයේ තර්ජන මතුවීමේ අවදානමක් පවතී. එබැවින්, රටේ ජාතික ආරක්ෂාව හා ස්ථාවරත්වය කෙරෙහි බලපාන ගැටලු හඳුනාගෙන, එම ගැටලු සහ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි උපායමාර්ග පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි, රජය, පෞද්ගලික අංශය මෙන්ම සිවිල් සමාජය ද ඇතුළත් පොදු කතිකාවක් ඇති කිරීමට සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන දැනුම් කේන්ද්‍රස්ථානයක් වශයෙන් කටයුතු කිරීමට කැපවුණු බුද්ධි මණ්ඩලයක් වශයෙන් 'ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය' 2016 වර්ෂයේදී පිහිටුවනු ලැබිණි.

එකී පරමාර්ථ විධිමත් පරිදි ඉටු කරගැනීමට හැකි වන පරිදි, ' ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය' පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාපනය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමටත් ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.