• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
951 අංක 24 දරන වෙඩිපිටි සහ හමුදා පුහුණු පනත සංශෝධනය කිරීම
- මෙරට ස්ථාපිත කර ඇති වෙඩිපිටි, ආරක්ෂක අමාත්‍යාංශය විසින් වර්තමානයේ පුහුණුව සඳහා ලබා දෙනු ලබන්නේ ත්‍රිවිධ හමුදා සහ ශ්‍රී ලංකා පොලීසිය සඳහා පමණි. පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතනවල, රාජ්‍ය බැංකුවල, රාජ්‍ය ආයතනවල සහ අර්ධ රාජ්‍ය ආයතනවල ආරක්ෂක නිලධාරින් වශයෙන් බඳවා ගනු ලබන තැනැත්තන්ට සහ වෙළඳ නෞකාවල ආරක්ෂක රාජකාරි සඳහා යොදවනු ලබන තැනැත්තන්ට ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය පරිහරණය පිළිබඳ පුහුණුව වඩාත් විධිමත්ව ලබා දීම පිණිස එම වෙඩිපිටි යොදා ගැනීම කාලීන අවශ්‍යතාවක්ව තිබේ.

ඒ අනුව, එම කාර්යය සඳහා එකී වෙඩිපිටි භාවිත කිරීමට ඉඩ සැලසිය හැකි වන පරිදි, 1951 අංක 24 දරන වෙඩිපිටි සහ හමුදා පුහුණු පනත සංශෝධනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.