• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක කණ්ඩායම් කිහිපයක් විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩ වර්ජනය
- ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක කණ්ඩායම් කිහිපයක් විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාවට මුහුණ පෑමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. ඒ අනුව, අදාළ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීම් සඳහා සුදුසු විසඳුමක් සෙවීමේ අරමුණින්, අදාළ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ සාකච්ඡා කර දුම්රිය සේවකයින්ගේ වැටුප් සහ වෙනත් වෘත්තීයමය ගැටලු විසඳීම සම්බන්ධයෙන් නොපමාව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් පහත සඳහන් අමාත්‍ය කමිටුව සහ ඊට සහාය වීම සඳහා අදාළ නිලධාරින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී:

* ගරු (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා,
විශේෂ කාර්යභාර අමාත්‍ය - (සභාපති);

* ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා,
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය;

* ගරු රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා,
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය;

* ගරු අකිල විරාජ් කාරියවසම් මැතිතුමා,
අධ්‍යාපන අමාත්‍ය.