• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා වරාය දේපළ හා පොදු පහසුකම් බදු දීම
- රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා 2017 ජූලි 29 දින අත්සන් තබන ලද සහන ගිවිසුමේ කොන්දේසි අනුව, වරාය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා හම්බන්තොට වරාය දේපළ හා පොදු පහසුකම් සීමාසහිත හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම [HIPG] සහ සීමාසහිත හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම [HIPS] වෙත බදු පදනම මත ලබා දිය යුතු වේ.

ඒ අනුව අදාළ වරාය දේපළ සහ පොදු පහසුකම් එකී සමාගම් වෙත බදු පදනම මත ලබා දීම වෙනුවෙන් වූ බදු ගිවිසුම්වලට පසුගිය දා අත්සන් තබන ලද අතර, එම ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.