• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සත්මහල් ගොඩනැඟිල්ල ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම
- මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සත්මහල් ගොඩනැඟිල්ල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව 2015 වර්ෂයේදී රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත පවරනු ලැබ තිබේ. එහෙත් එම ඉදි කිරීම් කටයුතු ඉතා මන්දගාමීව සිදු වන බව නිරීක්ෂණය කරනු ලැබ ඇති අතර, ඒ හේතුවෙන් රෝගීන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට දුෂ්කරතා රාශියකට මුහුණු පෑමට සිදු වී තිබේ. ඒ අනුව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමාගේ ඉල්ලීම පරිදි එම ඉදි කිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය ලබාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.