• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතිය සඳහා විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය හඳුන්වා දීම
- රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩිදියුණු කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවේක්ෂණය හා නියාමනය කිරීම, ඒකාබද්ධ ප්‍රසම්පාදනය මඟින් ඇතිවන මහා පරිමාණ ආර්ථික වාසි, සැපයුම්කරුවන්ට සමානව සැලකීම සහ ඔවුන්ට තරඟකාරී වේදිකාවක් ඇතිකර දීම මඟින් රාජ්‍ය හා පෞද්ගලික දෙයංශයේම ආයතනවලට ලබාගත හැකි ප්‍රතිලාභ සලකා විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය හඳුන්වා දීම නොපමාව සිදු කළ යුතු වේ. ඒ සඳහා පත් කරන ලද ක්‍රියාකාරී කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය හඳුන්වා දීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.