• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නියමු යාත්‍රා දෙකක් මිල දී ගැනීම
- කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සඳහා කාර්යක්ෂම නාවික සේවාවන් සැපයීම පිණිස ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නියමු යාත්‍රා දෙකක් මිල දී ගැනීමට අවශ්‍ය වී ඇත. ඒ සඳහා රුපියල් මිලියන 500ක මුදල් ප්‍රතිපාදන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අරමුදල් මඟින් වෙන් කරනු ලැබ තිබේ. ඒ අනුව, අන්තර්ජාතික තරගකාරී ලංසු කැඳවීම මඟින් නියමු යාත්‍රා දෙකක් (02) මිල දී ගැනීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.