• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාවලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ ග්‍රිඩ් උපපොළ 4 ඉදි කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම
- කුඩා ජල විදුලි බලාගාරවල නිපදවන විදුලි බලය ප්‍රධාන විදුලිබල සම්ප්‍රේෂණ පද්ධතිය හා එක් කිරීම සඳහා නාවලපිටිය, රාගල, වේවැල්වත්ත සහ මාලිබොඩ යන ප්‍රදේශයන්හි ග්‍රිඩ් උපපොළ 4ක් සහ ඊට අදාළ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. මෙහි ඉදි කිරීම් කටයුතු පැකේජ 03ක් යටතේ ක්‍රියාත්මක වන අතර, ඉන් 02 වන පැකේජය යටතේ ලොට් A සහ ලොට් B වශයෙන් කොටස් දෙකකට ඊට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සිදු කෙරේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම 02 වන පැකේජයේ ලොට් A යටතේ සිදු කරනු ලබන භාණ්ඩ මිල දී ගැනීම් සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 297.2ක මුදලකට M/s. Siemens Ltd. වෙත ද, ලොට් B යටතේ සිදු කරනු ලබන භාණ්ඩ මිල දී ගැනීම් සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 122.9ක මුදලකට M/s. Ceylex Engineering (Pvt) Ltd. වෙත ද ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.