• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කිරීම සඳහා ලංසු කැඳවීම
- ගුවන් මගීන්ට සහ සංචාරකයින්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා ආයෝජකයන් දෙදෙනෙකු වෙත ඉඩම් කැබලි වෙන් කර දෙනු ලැබ තිබේ. එහෙත් එම ආයෝජකයින් විසින් සිය යෝජනා අනුව ඉදිරි කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉඩම් සඳහා නැවත අයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට තීරණය කරනු ලැබ තිබේ.

ඒ අනුව, එක් ඉඩම් කොටසක තරු හතර (4 - Star) ගණයේ ගුවන් තොටුපොළ හෝටලයක් ඉදි කිරීම සඳහා යෝජනා දැනටමත් කැඳවනු ලැබ ඇති අතර, අනෙක් ඉඩම් කොටසෙහි තරු දෙක (2 - Star) ගණයේ ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීමට යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.