• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ශිෂ්‍ය භට බලකාය සඳහා අවශ්‍ය නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග සපයා ගැනීම
- ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ශිෂ්‍ය භට බලකාය සඳහා අවශ්‍ය නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් වෙතින් මිල ගණන් කැඳවීම මඟින් සපයා ගනු ලැබේ. ඒ අනුව, 2017 වර්ෂය වෙනුවෙන් අවශ්‍ය නිල ඇඳුම් සහ රෙදිපිළි, රුපියල් මිලියන 1,887.8ක වියදමින්, දේශීය රෙදිපිළි වෙන් කිරීමේ කමිටුව (Domestic Textile Allocation Committee) විසින් නිර්දේශ කරනු ලැබ ඇති දේශීය රෙදිපිළි නිෂ්පාදක ආයතන වෙතින් මිල දී ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.