• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ ගොඩනැඟිලි අංක 06 සහ 07 සඳහා තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන පද්ධතියක් සැපයීම
- අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ ගොඩනැඟිලි අංක 06 සහ 07 සඳහා තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන පද්ධතියක් (Information & Communication Technology System) සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 372.06ක මුදලකට M/s. VS Information (Pvt) Ltd වෙත පිරිනැමීම සඳහා ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.