• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංවිධානය සඳහා විශේෂඥ උපදේශක සහාය ලබාගැනීම
- වර්තමාන සහ අනාගත අවශ්‍යතාවන් ගැළපෙන පරිදි ශ්‍රී ලංකා පොලීසිය ප්‍රතිසංවිධානය කිරීම කාලීන අවශ්‍යතාවක් වේ. ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලද අතර, යහපාලන මූලධර්ම ගුරු කොට ගත් අභිමානවත් වෘත්තියක් බවට ශ්‍රී ලංකාවේ පොලිස් සේවය පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව බව එම කමිටුව මඟින් අවධාරණය කරනු ලැබ ඇත.

ඒ සම්බන්ධයෙන් එම කමිටුව විසින් සිදු කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා, සුදුසු විශේෂඥ උපදේශකවරයෙකුගේ සේවය ලබාගැනීමට තීරණය වී තිබේ. ඒ අනුව, පොලිස් සේවය ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් හසළ පළපුරුද්දක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් හියු ඕඩ් (Sir Hugh Orde) මහතාගේ සේවය ඒ සඳහා ලබාගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.