• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය දිස්ත්‍රික්කයේ කිරි නිෂ්පාදන ජාලය වැඩිදියුණු කිරීම
යාපනය නගරය හා ඒ අවට ප්‍රදේශයන්හි කිරි අවශ්‍යතාව දිනකට කිරි ලීටර 5,000කට වැඩි බව නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම දියර කිරි පරිභෝජනය ද ඉහළ යමින් පවතින අතර, මෙම අවශ්‍යතාව සපුරා ලීම පිණිස කිරි නිෂ්පාදනය කළමනාකරණය සඳහා වන පහසුකම් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව, යාපනය දිස්ත්‍රික්කයේ දියර කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ජාලය පුළුල් කිරීමේ හා ශක්තිමත් කිරීමේ අරමුණින්, කිරි පාස්චරීකරණය කිරීමේ යන්ත්‍රෝපකරණ මිල දී ගෙන යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සමුපකාර සමිතියේ (යාල්කෝ) කිරි සැකසුම් කම්හල වෙත ලබා දීමට සැලසුම් කරනු ලැබ තිබේ. රුපියල් මිලියන 59.8ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.