• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහජන චීන සමූහාණ්ඩුව තුළ ශ්‍රී ලංකා තේ ප්‍රචලිත කිරීම
- ශ්‍රී ලංකා තේවල (Ceylon Tea) ගුණාත්මකභාවය හේතුවෙන් මනාව මුල් බැසගත් තේ සංස්කෘතියකට උරුමකම් කියන චීනය තුළ ශ්‍රී ලංකා තේ ඇගයීමට ලක්ව ඇත. චීන ජනතාව හරිත තේ (Green Tea) පරිභෝජනයේ සිට කළු තේ (Black Tea) පරිභෝජනය සඳහා නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් ශ්‍රී ලංකාවේ කළු තේ චීන වෙළඳපොළ තුළ ප්‍රචලිත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම යෝග්‍ය බව හඳුනා‍ගනු ලැබ තිබේ.

ඒ අනුව, මහජන චීන සමූහාණ්ඩුවේ අදාළ ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමටත්, චීනයේ තේ වෙන්දේසි පැවැත්වීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.