• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ධීවර වරාය ගම්මාන වැඩසටහන යටතේ ධීවර වරායන් සහ නැංගුරම් පොළවල් කේන්ද්‍ර කොටගත් බද්ධ ව්‍යාපාර ඇති කිරීම
- ධීවර වරායන්හි පවතින පහසුකම් යොදාගනිමින් සහ ධීවර වරායන් ආශ්‍රිතව වෙසෙන ජනතාව සම්බන්ධ කරගනිමින්, පෞද්ගලික අංශයේ ආයෝජකයින්ගේ ද සහාය ඇතිව අගය එකතු කරන ලද ධීවර නිෂ්පාදන සහ සේවා ස්ථාපනය කිරීම මඟින් නව ව්‍යාපාරික ප්‍රජාවක් බිහි කිරීමටත්, නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත්, ධීවර නිෂ්පාදන අපනයන ආදායම ඉහළ නැංවීමටත් රජයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව, ධීවර වරාය ගම්මාන වැඩසටහන යටතේ ධීවර වරාය මෙහෙයුම් විවිධාංගීකරණය කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ සහාය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී තිබේ. මෙම වැඩපිළිවෙළ යටතේ, දික්ඕවිට, මෝදර, ගාල්ල, කොඩ්බේ, ඔලුවිල් යන ධීවර වරායන් ආශ්‍රිතව සේවා පහසුකම් සහ ධීවර හා ධීවර නොවන යාත්‍රා අලුත්වැඩියා කිරීමේ පහසුකම් ඇති කිරීම, සියලුම ධීවර වරායන් හා නැංගුරම් පොළ ආශ්‍රිතව සංචාරක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සූර්ය බලශක්ති හා සුළං බලාගාර ඉදි කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.