• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වීරකැටිය, ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම සඳහා අත් කරගත් ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීම
- වීරකැටිය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම සඳහා හෙක්ටයාර 0.3288ක භූමි ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත් කරගනු ලැබ තිබේ. මෙම අත්පත් කර ගත් ඉඩම් වෙනුවෙන් වන්දි හා පොලී ගෙවීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 19.5ක අරමුදල් සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.