• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය නගරයට ගමනාගමන යටිතල පහසුකම් සැපයීම - භූගත මුහුදු මාර්ග දිගුව ඉදි කිරීම
- යෝජිත කොළඹ වරාය නගරයේ යටිතල පහසුකම් ඉදි කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යොදාගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, කොල්ලුපිටිය දුම්රිය පොළ අසල සිට කොළඹ චෛත්‍ය පාර දක්වා වරාය නගරයට ප්‍රවේශය සහිතව භූගත මාර්ගයක් ලෙස සමුද්‍ර මාර්ගය (Marine Drive) දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය, වරාය නගර ව්‍යාපෘති සමාගම සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.