• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේෂකර්ම සහ ඇඟලුම් නිෂ්පාදනවල සෞඛ්‍යසම්පන්න බව සහ ආරක්ෂිතභාවය සහතික කරන ක්‍රමයක් ස්ථාපනය කිරීම
- වෙළඳපොළේ ඇති විවිධ වර්ගයේ ඇඳුම් අතුරින් භාවිතයට සුදුසු ගුණාත්මක ඇඳුම් හඳුනාගැනීම ඉතා සංකීර්ණ කාර්යයකි. විශේෂයෙන්ම රෙදි නිෂ්පාදනයේදී හා සැකසීමේදී යොදාගනු ලබන අමුද්‍රව්‍ය හා ඇතැම් රසායනික ද්‍රව්‍යයන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අතර, මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් නිෂ්පාදකයින්ට හා පාරිභෝගිකයින්ට ලබා දිය යුතු වේ.

ඒ අනුව, දේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ ආනයනික රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන දේශීය වෙළඳපොළට නිකුත් කිරීමට පෙර සෞඛ්‍යාරක්ෂණ සහතිකයක් ලබාගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් කිරීමටත්, එම සහතිකය නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයට ලබා දීමටත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ද සහාය ඇතිව ළදරු හා ළමා ඇඳුම්වලට අදාළ ප්‍රමිති නිර්ණය කිරීමටත්, පාරිභෝගික කටයුතු අධිකාරිය හරහා මෙම ක්‍රියාවලිය බලාත්මක කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.