• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු සාගර කලාපීය සංගමයේ (Indian Ocean Rim Association) සාමාජික රටවල් අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
- සාමාජික රටවල් අතර නව නිපැයුම් හා තරගකාරිත්වය ඇති කිරීමේ අරමුණින්, විශාල සමාගම් හා ජාත්‍යන්තර නිෂ්පාදන අගය ජාලය සමඟ ක්ෂුද්‍ර ව්‍යාපාර හා අවිධිමත් අංශය සම්බන්ධ කිරීමටත්, එමඟින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමටත් ඉන්දියානු සාගර කලාපීය සංගමයේ (Indian Ocean Rim Association) අවධානය යොමු වී තිබේ. මේ සම්බන්ධයෙන් එම සංගමයේ සාමාජික රටවල් අතර ඇති කරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අදාළ බලධාරියෙකු විසින් අත්සන් තැබීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.