• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිස්ත්‍රික්ක පහක තාක්ෂණ බීජ උෂ්ණාගාර (Incubators) ස්ථාපනය කිරීම
- 2017 අයවැය යෝජනා අනුව නවෝත්පාදන කඩිනම් කරවීම සඳහා අරමුදලක් පිහිටුවීමටත්, ව්‍යාපාර ආරම්භයන් සඳහා සහාය දීම පිණිස දිස්ත්‍රික්ක පහක තාක්ෂණික බීජ උෂ්ණාගාර (Incubators) ස්ථාපනය කිරීමටත් රුපියල් මිලියන 100 බැගින් ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. ඒ අනුව, දැනටමත් ක්‍රියාත්මක වන නව නිපැයුම්කරුවන්ගේ අරමුදල යටතේ යෝජිත නවෝත්පාදන කඩිනම් කරවීමේ අරමුදල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, පේරාදෙණිය හා යාපනය යන විශ්වවිද්‍යාල සහ ජාතික ඉංජිනේරු, පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය හරහා යෝජිත තාක්ෂණික බීජ උෂ්ණාගාර (Incubators) ස්ථාපනය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල්, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වෙත වෙන් කර දීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.