• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීතොටමුල්ල ඝන අපද්‍රව්‍ය බහාලුම් ස්ථානය නාය යෑමෙන් හානි වූ හා අවදානම් කලාපයේ පිහිටි ඉඩම්වලට පෞද්ගලික අයිතිය ඇති පුද්ගලයන් වෙත වන්දි ලබා දීම
- මීතොටමුල්ල ඝන අපද්‍රව්‍ය බහාලුම් ස්ථානය නාය යාම නිසා හානි වූ හා අධි අවදානම් තත්ත්වය හේතුවෙන් ඉවත් කරන ලද නිවාස හිමියන් අතුරින් විකල්ප නිවාස ලබාගැනීමට කැමැත්ත පළ කරන ලද සියලුම පුද්ගලයින් සඳහා විකල්ප නිවාස මේ වන විට ලබා දී ඇති අතර, එසේ ලබා දී ඇති නිවාස ගණන 170කි.

මෙම ආපදාවෙන් අනතුරුව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් සලකුණු කරන ලද අවදානම් කලාපයේ නිවාස පිහිටි සහ හානියට පත් නිවාස පිහිටි ඉඩම් රජයට අත්පත් කරගැනීමට කටයුතු යොදා ඇති අතර, එවැනි ඉඩම් හිමිකරුවන් 110දෙනෙකු හඳුනාගනු ලැබ තිබේ. එම ඉඩම් හිමියන් 110දෙනා සඳහා ඔවුන්ගේ ඉඩම්වල හා නිවාසවල තක්සේරු වටිනාකම වන්දි වශයෙන් ගෙවීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.