• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජල විද්‍යා අධ්‍යයනය - කල්මුණේ ප්‍රධාන සැලැස්ම ව්‍යාපෘතිය
- කල්මුණේ හා සමන්තුරේ ප්‍රදේශවල ඒකාබද්ධ උපනගර සංවර්ධන ප්‍රධාන සැලැස්ම පිළියෙල කිරීමේ කාර්යය නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය වෙත පවරනු ලැබ ඇති අතර, මොරටුව විශ්වවිද්‍යාලයේ සහාය ලබාගනිමින් මේ වන විට එම සැලැස්ම සකස් කෙරෙමින් පවතියි. මෙහිදී පුළුල් ජලවිද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කළ යුතු අතර, කල්මුණේ ප්‍රදේශයේ පවතින ජලය රඳා පැවතීමේ ගැටලුව හා එමඟින් උද්ගත වන ගංවතුර තත්ත්වය වළක්වා ගැනීම සඳහා සුදුසු විසඳුමක් නිර්මාණය කිරීම මෙම අධ්‍යයනය මඟින් බලාපොරොත්තු වේ. ඒ අනුව, එම ජල විද්‍යාත්මක අධ්‍යයනය සිදු කිරීමේ කාර්යය සඳහා සිංගප්පූරුවේ M/s. Hydroinformatics Institute Pte. Ltd. ආයතනයේ සහාය ලබාගැනීමට එම ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.