• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් කරගැනීම නිසා බලපෑමට ලක්වන පුද්ගලයින්ට සහන සැලසීම
- 'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහන - 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (2016-2020) යටතේ ක්‍රියාත්මක කෙරෙන කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා කිලෝමීටර 84ක දිගින් යුත් නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් හෙක්ටයාර 300ක පමණ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගැනීමට සිදු වේ. මෙම ඉඩම් පවරා ගැනීමේ කටයුතු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීමේ අරමුණින්, ඉන් බලපෑමට ලක්වන පවුල් වෙත වඩාත් සාධාරණ වන්දියක් පිරිනැමීමට හැකිවන පරිදි, විශාල පරිමාණයේ ව්‍යාපෘති සඳහා අත්පත් කරගන්නා ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීමට යොදා ගනු ලබන විශේෂ ක්‍රමවේදය අනුගමනය කරමින් වන්දි ගෙවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.