• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සංවර්ධනය කිරීම
- වසර 196කට වඩා පැරණි පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය අක්කර 147ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර, ශාක විශේෂ 3,500කට අධික සංඛ්‍යාවක් එහි දක්නට ලැබේ. ජාත්‍යන්තර කීර්තියට පත් මෙම උද්භිද උද්‍යානය නැරඹීම සඳහා වර්ෂයකට දෙස්-විදෙස් සංචාරකයින් මිලියන 1.6ක් පමණ ඒ වෙත පැමිණෙන අතර, ඔවුන්ගේ අධ්‍යාපන, පර්යේෂණ හා විනෝදාස්වාද අරමුණු සැලකිල්ලට ගෙන එහි පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ඉදිරි වර්ෂ 05ක කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 385ක අරමුදල් සලසා ගැනීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.