• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
- සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා තරුණ - තරුණියන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් 2018 වර්ෂයේදී ත්‍රිකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට ජාතික තරුණ සේවා සභාව විසින් සැලසුම් කරනු ලැබ තිබේ.

ඒ අනුව, සංචාරක සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබ ඇති, නිලාවේලි ප්‍රදේශයේ පිහිටි ඉඩමෙන් අක්කර 200ක භූමි ප්‍රමාණයක් යෝජිත පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා යොදාගැනීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත පවරා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.