• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'1990 සුවසැරිය' හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම
- ඉන්දියානු රජයේ ආධාර ඇතිව දකුණු සහ බස්නාහිර පළාත්හි ආරම්භ කරන ලද හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන අතර, එම සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා '1990 සුවසැරිය පදනම' පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාගත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා නීති කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතියි.

මෙහි දෙවන අදියර යටතේ, අමතර ගිලන් රථ 209ක් යොදවමින් මෙම ගිලන් රථ සේවාව අනෙකුත් පළාත් 07 තුළ ද ව්‍යාප්ත කිරීම සඳහා අමතර ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ වී ඇත. ඒ අනුව, '1990 සුවසැරිය පදනම' ස්ථාපිත කරනු ලබන තෙක්, මෙම ගිලන් රථ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, GVK EMRI ලංකා (පෞද්ගලික) සමාගම (GEL) සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර අත්සන් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමේ කාලය දීර්ඝ කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.