• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජීවන වියදම අඩු කිරීම පිණිස කෙටිකාලීන ක්‍රියාමාර්ග
- දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය නිසා කන්න කිහිපයක වගා කටයුතු අඩාළ වීමෙන් රටේ ආහාර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර, ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමට එය හේතු වී තිබේ. විශේෂයෙන්ම හාල්, පොල් සහ එළවළු වර්ගවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පෙන්වා දෙන ලද අතර, අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී .

මෙම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදන ප්‍රමාණවත් පරිදි වෙළඳපොළට සැපයීම‍ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට එහිදී තීරණය කරන ලදී:

* මහා භාණ්ඩාගාරයේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ සහල් ආනයනය කිරීම සඳහා ඕනෑම පෞද්ගලික ආයතනයකට හෝ ස.තො.ස. ආයතනයට පහසුකම් සැලසීම.

* පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද හා සාමාන්‍ය පාරි‍භෝජනය සඳහා අවශ්‍ය පොල් ගෙඩි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ආනයනය කිරීම.

* වගා කටයුතු අඩාළ වී සිටින ගොවි ජනතාවට දැනට රජය විසින් ලබා දී ඇති සහනවලට අමතරව තවදුරටත් සැලසිය හැකි සහන සම්බන්ධයෙන් කඩිනමින් යෝජනා ඉදිරිපත් කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීම.