• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෞද්ගලික රෝහල් මඟින් හදිසි හදවත් සැත්කම් සිදු කිරීම
- කොළඹ, ජාතික රෝහලේ, හෘද රෝග ඒකකයේ හදවත් සැත්කම් සිදු කරනු ලබන ශල්‍යාගාර දෙකෙහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එහි හදවත් සැත්කම් අත්හිටවනු ලැබ තිබේ. ඒ අනුව, එම රෝහලේ රෝගීන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත හදවත් සැත්කම් සඳහා මාරු කර යැවෙන නමුත්, එය ප්‍රමාණවත් පිළියමක් නොවේ. එබැවින්, හදිසි හදවත් සැත්කම්වලට භාජනය කළ යුතු රෝගීන් සඳහා රජයේ වියදමින් හදවත් සැත්කම් සිදු කිරීම පිණිස ඒ සඳහා පහසුකම් ඇති පෞද්ගලික රෝහල් වෙත යොමු කිරීමටත්, කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ශල්‍යාගාර අලුත්වැඩියා කටයුතු කඩිනම් කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.