• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියෙහි ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක සැලැස්ම සඳහා උපදේශක සේවා ලබා ගැනීම
- කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියෙහි ශක්‍යතා අධ්‍යයනය සහ සවිස්තරාත්මක සැලැස්ම සකස් කිරීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, පවුම් 256,030, ඇමරිකානු ඩොලර් 6,481,575 සහ ශ්‍රී ලංකා රුපියල් 379,213,616ක මුදලකට M/s. DOHWA Engineering Co. Ltd. සහ එහි හවුල්කරුවන් වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.