• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීතොටමුල්ල කසළ බහාලුම් ස්ථානයේ සිදු වූ නායයෑම හේතුවෙන් ඉවත් කරන ලද නිවාස හිමියන් සඳහා රුපියල් 50,000/-ක නිවාස කුලී දීමනාව තවදුරටත් ලබා දීම
- 2017‑04‑14 දින කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි කසළ බහාලුම් ස්ථානයේ සිදු වූ නායයාම හේතුවෙන් නිවාස අහිමි වීම හෝ පදිංචි නිවාස අධි අවදානමකට ලක් හේතුවෙන් එම නිවාසවලින් ඉවත් කරන ලද පවුල්වලට නිවාස ලබාදීමේ වැඩසටහනේ පළමුවන හා දෙවන අදියර යටතේ පවුල් 98ක් සඳහා නිවාස ලබා දී ඇති අතර, එහි තෙවන අදියර යටතේ තවත් පවුල් 72ක් සඳහා 2017-11-08 දින විකල්ප නිවාස ලබා දෙනු ලැබ තිබේ.

එසේ නැවත පදිංචි කරනු ලබන තෙක් රුපියල් 50,000/- ක නිවාස කුලී මාසික දීමනාවක් 2017 අගෝස්තු මාසය දක්වා එම පවුල් වෙත ලබා දෙන ලද අතර, ඒ අනුව, අවසන් වරට පදිංචි කරන ලද පවුල් 72 සඳහා 2017 අගොස්තු මස සිට ඔවුන් නැවත පදිංචි කරවන ලද දිනය දක්වා වූ මාස දෙකක කාලසීමාව සඳහාද නිවාස කුලී මාසික දීමනාව ලබා දීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.