• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ආයෝජන කාර්යක්ෂම ලෙස සැලසුම් කිරීමේ හා ව්‍යාපෘති සකස් කිරීමේ පහසුකම් සැපයීමේ වැඩසටහන
- රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති ආරම්භ කිරීමේ ක්‍රියාවලියෙහි තත්ත්වය ඉහළ නැංවීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණය වැඩිදියුණු කිරීම රජයේ විවිධ නියෝජිත ආයතනවල ව්‍යාපෘති සැලසුම් ලේඛන සකස් කිරීමේ හැකියාව ඉහළ නැංවීම යන අරමුණු ළඟා කරගැනීම සඳහා 'ව්‍යාපෘති සකස් කිරීමේ පහසුකම් සැපයීමේ වැඩසටහන' (Programmatic Project Preparation Facility - PPPF) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 4ක අරමුදල් සලසා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ මූල්‍ය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.