• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි සිදු වූ දේපළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම
- මෑත කාල වකවානුව තුළ ඇති වූ නියං, ගංවතුර හා අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ආපදාවට ලක් වූ ජනතාවගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ හානි වූ දේපළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් දැනටමත් රුපියල් බිලියන 32ක අතිරේක ප්‍රතිපාදන සලසා දෙනු ලැබ තිබේ. මෙම කටයුතු සඳහා තවදුරටත් අවශ්‍ය වන අරමුදල් දැනටමත් වෙන් කර තිබෙන ප්‍රතිපාදන තුළම කළමනාකරණය කරගැනීමට හැකි වන පරිදි විවිධ අමාත්‍යාංශ විසින් මෙතෙක් උපයෝජනය කර නොමැති ප්‍රතිපාදන භාවිත කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.