• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාන්ඔය ජලාශ ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කිරීම
- මෑත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද මහා පරිමාණ වාරි සංවර්ධන ව්‍යාපෘතිවලින් එකක් වන යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය මඟින් අනුරාධපුරය හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ජල හිඟයකට මුහුණු පා ඇති ප්‍රදේශ කිහිපයක පිහිටි ඉඩම් හෙක්ටයාර 4,190ක් පමණ වගා කිරීම සඳහා ජලය සැපයීම සිදු කෙරේ. එම ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ‍ඩොලර් මිලියන 39.5ක මුදලකට සැලසුම් කර ඉදි කිරීමේ පදනම මත M/s. China CAMC Engineering Co. Ltd. (CAMCE) වෙත පිරිනැමීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.