• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සූර්ය බල සංග්‍රාම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීම
- සූර්ය බල සංග්‍රාම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ. ඒ සඳහා සූර්ය බල පද්ධති සවි කළ හැකි රාජ්‍ය ආයතන සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් හඳුනාගනු ලැබ ඇති අතර, මෙම සූර්ය බල පද්ධති සවි කිරීම සඳහා සුදුසු ආයතන තෝ‍රාගැනීම පිණිස ටෙන්ඩර් කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, රජයේ රෝහල් 63ක, රජයේ පාසල් 13ක හා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සූර්ය බල බද්ධති සවි කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලැබ ඇති ආයතන වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.