• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරගම, අලුබෝමුල්ල, කුරුස හන්දිය පොළ සහ වාණිජ සංකීර්ණය ඉදි කිරීම
- පානදුර - හොරණ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරගම, අලුබෝමුල්ල ප්‍රාදේශයේ කුරුස හන්දිය ආශ්‍රිතව පිහිටි බණ්ඩාරගම සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සතු ඉඩම තුළ පොළ, වාණිජ සංකීර්ණයක් හා බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. මේ යටතේ වෙළඳ කුටි 120ක්ද ඉදි කිරීමට අපේක්ෂිතය. 'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 200ක ඇස්ත‍මේන්තුගත පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා එම සමුපකාර සමිතිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.