• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන නගර සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදේශක සේවා ලබාගැනීම
- මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහන යටතේ 2018 වර්ෂයේ නව ව්‍යාපෘති 80ක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එම නව ව්‍යාපෘති කඩිනමින් නිමා කිරීමේ අරමුණින්, මෙම එක් එක් ඉදි කිරීම් කාර්යයයෙහි ස්වභාවය අනුව ඊට අවශ්‍ය උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු, නාගරික සංවර්ධන අධිකාරිය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතන වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.